චීනයේ නිෂ්පදිත ජංගම දුරකතන අද වෙනකොට බාල මහලු හැම කෙනෙක් අතරම ගොඩක් ජනප්‍රියයි. මම අද කියන්න යන්නෙ, ඔයාල මේ මාදිලියේ ජංගම දුරකතන ගැන නොදන්නා පැති කීපයක් ගැනයි. අපි දන්නව අද කාලෙ අපෙ ලග තියෙන ගොඩක් භාණ්ඩ වල නිෂ්පාදිත රට විදියට සටහන් වෙලා තියෙන්නෙ චීනය කියල. එත් අපි ඒ ගැන වඩි සැලකිල්ලක් දක්වන්නෙ නැ.අපි ගොඩක් සැලකිල්ලක් දක්වන්නෙ චීනයෙ නිෂ්පදිත ජංගම දුරකතන ගැන. අපිට චීනයෙ නිපදවන ජංගම දුරකතන වර්ග 3කට වෙන් කරන්න පුලුවන්! පහලින් පෙන්නල තියෙන්නෙ ඒ වර්ග 3.
![]() |
මෙ ජංගම දුරකතනය චීනයෙ නිපදවන ලද්දක්. මෙහි TV වැනි ආකර්ශනීය පහසුකම්ද ඇත. |
- ලොව සුපතල නාම යටතේ චීනයෙ ඇති කර්මාන්තශාලා වල නිපදවනු ලබන දුරකතන. ( මෙම ගණයට අයත් වෙන්නෙ Nokia , Sony Ericsson වැනි ජංගම දුරකතනයි )
- ලොව සුපතල නාම යටතෙ නිපදවනු ලබන ජංගම දුරකතන මදිලි වල හැඩහුරුකම යොදාගෙන නිපදවනු ලබන දුරකතන. ( මෙම දුරකතන හැඩහුරුකමින් අතින් ගත් කල Blackberry, Nokia හො HTC සේ පෙනුනද එය එසේ නොවීම )
- චීන සමාගම් විසින් ඔවුන්ටම ආවෙනික ගතිලක්ෂණ යොදාගෙන නිර්මණය කරනු ලබන ජංගම දුරකතන ( මේව Chinese Original යැයිද කට වහරෙ පැවසෙ )
ඔයල දන්නව දැන් චීනයෙ නිපදවන දුරකතන වර්ග ගැන. ඒ අතරින් පළවන වර්ගයෙ දුරකතන නම් ඔයාල දැනටමත් භාවිත කරනව ඇති. ඒත් ඔයාල ගොඩක්ම සැලකිලිමත් වන්නෙ දෙවන හා තෙවන වර්ග ගැන නිසා මම ඒව ගැන විස්තරයක් කරන්නම්.
හොඳයි අපි දැන් බලමු දෙවනි වර්ගයෙ ජංගම දුරකතන ගැන. මේව හැඩහුරුකම අතින් ගත්තම ගොඩක් සමානයි Original phone කියන වර්ගයෙ දුරකතන වලට. ඒ කියන්නෙ මේ දුරකතන Nokia හො Sony Ericsson මාදිලියෙ දුරකතන එක්ක සසඳුවොත්, හැඩහුරුකම අතින් නම් එකම වගෙ වෙන්න පුලුවන්! ඒත් ක්රියකරීත්වය අතින් ඉතා විශාල වෙනස්කම් දකින්න් පුළුවන්.
චීනයෙ නිපදවන මෙම මාදිලියෙ දුරකතන වල ඇති විෂෙෂත්වය වෙන්නෙ ඒවා Original දුරකතන වල මිලට වඩා ඉතා අඩු මිලකට මිලදී ගැනීමට ලබාගත හැකි වීමයි.සාමන්‍යයෙන් මෙවන් දුරකතනයක මිල 5000ත් 15000ත් අතර් වෙනව.
ඉතින් අපි කොහොමද Original දුරකතන හ Chinese දුරකතන වෙන් කරල හදුනාගන්නේ! පහල තියෙන්නෙ අපිත මේ දුරකතන වෙන් කරල අදුනගන්න පුලුවන් කරුණු කීපයක් :
- දුරකතනයෙ හ චීනයෙ නිපදවන ලද මාදිල්ය අතර මිල පරතරය ඉතා විශාල වීම.
- Model නමෙ සුළු ලෙස වෙනස් කිරීම් අති බව. ( උදාහරණයක් ලෙස Nokia යන්න Konka ලෙස සදහන්ව තිබීම )
- දුරකතන පෙට්ටියෙ සදහන්ව ඇති විෂෙෂංග එලෙසින්ම දුරකතනයෙ නොමති වීම. ( දුරකතනයේ Java පහසුකම ඇතැයි සදහන් වුවද, එය එසේ නොවීම )
- චීනයෙ නිපදවනු ලබන දුරකතන වල ඇති තවත් විෂේෂ ලක්ෂණයක් වෙන්නෙ, එම දුරකතනයටම අඩංගු කරන ලද රූපවාහිනී නරඹීමට ඇති පහසුකමයි. මෙම පහසුකම ඇත්නම් එය චීනයෙ නිපදවන ලද්දක් යැයි අනුමාන කළ හැක.
මම ඒ විස්තර කරේ දෙවන වර්ගයට අයත් දුරකතන ගැන. දැන් අපි බලමු තෙවන වර්ගයට අයත් දුරකතන ගැන. මේ දුරකතන ඇත්තටම කිව්වොත් චීන සමාගම් විසින් ඔවුන්ටම ආවේනික ආකාරයට නිපදවනු ලබන්නෙ! ඒ කියන්නෙ, මෙම වරගයේ දුරකතන වල සුවිෂේෂී ලක්ෂණ දකින්න ලැබෙනව. ඒ ලක්ෂණ අතර,
- ආවේනික වූ අධික ශබ්දයක් Speaker ඇති තිබීම.
- එකවර සිම් පත් දෙකක් භාවිත කිරීමෙ හැකියාව.
- ඉතා විශාල එකකින් සමන්විත වීම.
වැනි අංග තියෙනව.
මේ දවස්වල ගොඩක්ම පැතිරෙන කතාව තමයි මෙ චීනයෙ නිපදවන දුරකතන ශරීර සෞඛ්‍යට අහිතකරයි කියන එක. ඇත්තටම බැලුවොත් නම් හැම දුරකතනයකම අහිතකර කොටසක් තියෙනව. ඒත් මම කිව්ව පලවන හ තුන්වන දුරකතනවල නම් අහිතකර තත්වයන් පාලනය කර තියෙන්නෙ කියල සමාගම් විසින් සනාථ කරල තියෙන්නෙ. ඒත් සැකය පවතින්නෙ දෙවන වර්ගයට අයත් මාදිලියෙයි. මොකද මෙ දුරකතන සඳහා නියමිත සමාගමක් වගකියන අවස්ථා අඩු නිසා, ඒව දුරකතන රෙගුලාසි වලට යටත් වෙලා නිපදවෙනවද යන්න දැනගැනීමට අපහසුයි.
මගේ නම් අදහස ඔයාල වියදම් කරන මුදලට සරිලන, නිසි වගකීමක් තියෙන හා විෂ්වාසණීය වර්ගයකට අයත් දුරකතනයක් මිලදී ගන්නව නම්. ඒත් කොටසක් ඉන්නව, විෂේෂයෙන්ම චීනයෙ නිපදවන දුරකතන වලට ඇලුම් කරන. මේ අයට නම් මට කියන්න තියෙන්නෙ තමන් මිලදී ගන්න දුරකතනය, වරක් දෙවරක් නෙමෙයි කීපවරක්ම check කරල තමන්ට සුදුසු නම් විතරක් ගන්න කියල.

thanx for sharing kolla.........
ReplyDelete