Saturday, May 21, 2011

Chinese phone ගැන ඔබ දන්නා සහ නොදන්නා දෙ...!

චීනයේ නිෂ්පදිත ජංගම දුරකතන අද වෙනකොට බාල මහලු හැම කෙනෙක් අතරම ගොඩක් ජනප්‍රියයි. මම අද කියන්න යන්නෙ, ඔයාල මේ මාදිලියේ ජංගම දුරකතන ගැන නොදන්නා පැති කීපයක් ගැනයි. අපි දන්නව අද කාලෙ අපෙ ලග තියෙන ගොඩක් භාණ්ඩ වල නිෂ්පාදිත රට විදියට සටහන් වෙලා තියෙන්නෙ චීනය කියල. එත් අපි ඒ ගැන වඩි සැලකිල්ලක් දක්වන්නෙ නැ.අපි ගොඩක් සැලකිල්ලක් දක්වන්නෙ චීනයෙ නිෂ්පදිත ජංගම දුරකතන ගැන. අපිට චීනයෙ නිපදවන ජංගම දුරකතන වර්ග 3කට වෙන් කරන්න පුලුවන්! පහලින් පෙන්නල තියෙන්නෙ ඒ වර්ග 3.

මෙ ජංගම දුරකතනය චීනයෙ නිපදවන ලද්දක්. මෙහි TV වැනි ආකර්ශනීය පහසුකම්ද ඇත.

  • ලොව සුපතල නාම යටතේ චීනයෙ ඇති කර්මාන්තශාලා වල නිපදවනු ලබන දුරකතන. ( මෙම ගණයට අයත් වෙන්නෙ Nokia , Sony Ericsson වැනි ජංගම දුරකතනයි )
  • ලොව සුපතල නාම යටතෙ නිපදවනු ලබන ජංගම දුරකතන මදිලි වල හැඩහුරුකම යොදාගෙන නිපදවනු ලබන දුරකතන. ( මෙම දුරකතන හැඩහුරුකමින් අතින් ගත් කල Blackberry, Nokia හො HTC සේ පෙනුනද එය එසේ නොවීම )
  • චීන සමාගම් විසින් ඔවුන්ටම ආවෙනික ගතිලක්ෂණ යොදාගෙන නිර්මණය කරනු ලබන ජංගම දුරකතන ( මේව Chinese Original යැයිද කට වහරෙ පැවසෙ )

ඔයල දන්නව දැන් චීනයෙ නිපදවන දුරකතන වර්ග ගැන. ඒ අතරින් පළවන වර්ගයෙ දුරකතන නම් ඔයාල දැනටමත් භාවිත කරනව ඇති. ඒත් ඔයාල ගොඩක්ම සැලකිලිමත් වන්නෙ දෙවන හා තෙවන වර්ග ගැන නිසා මම ඒව ගැන විස්තරයක් කරන්නම්.

හොඳයි අපි දැන් බලමු දෙවනි වර්ගයෙ ජංගම දුරකතන ගැන. මේව හැඩහුරුකම අතින් ගත්තම ගොඩක් සමානයි Original phone කියන වර්ගයෙ දුරකතන වලට. ඒ කියන්නෙ මේ දුරකතන Nokia හො Sony Ericsson   මාදිලියෙ දුරකතන එක්ක සසඳුවොත්, හැඩහුරුකම අතින් නම් එකම වගෙ වෙන්න පුලුවන්! ඒත් ක්‍රියකරීත්වය අතින් ඉතා විශාල වෙනස්කම් දකින්න් පුළුවන්.

චීනයෙ නිපදවන මෙම මාදිලියෙ දුරකතන වල ඇති විෂෙෂත්වය වෙන්නෙ ඒවා Original දුරකතන වල මිලට වඩා ඉතා අඩු මිලකට මිලදී ගැනීමට ලබාගත හැකි වීමයි.සාමන්‍යයෙන් මෙවන් දුරකතනයක මිල 5000ත් 15000ත් අතර් වෙනව. 

ඉතින් අපි කොහොමද Original දුරකතන හ Chinese දුරකතන වෙන් කරල හදුනාගන්නේ! පහල තියෙන්නෙ අපිත මේ දුරකතන වෙන් කරල අදුනගන්න පුලුවන් කරුණු කීපයක් :

  • දුරකතනයෙ හ චීනයෙ නිපදවන ලද මාදිල්ය අතර මිල පරතරය ඉතා විශාල වීම.
  • Model නමෙ සුළු ලෙස වෙනස් කිරීම් අති බව. ( උදාහරණයක් ලෙස Nokia යන්න Konka ලෙස සදහන්ව තිබීම )
  • දුරකතන පෙට්ටියෙ සදහන්ව ඇති විෂෙෂංග එලෙසින්ම දුරකතනයෙ නොමති වීම. ( දුරකතනයේ Java පහසුකම ඇතැයි සදහන් වුවද, එය එසේ නොවීම )
  • චීනයෙ නිපදවනු ලබන දුරකතන වල ඇති තවත් විෂේෂ ලක්ෂණයක් වෙන්නෙ, එම දුරකතනයටම අඩංගු කරන ලද රූපවාහිනී නරඹීමට ඇති පහසුකමයි. මෙම පහසුකම ඇත්නම් එය චීනයෙ නිපදවන ලද්දක් යැයි අනුමාන කළ හැක.
මම ඒ විස්තර කරේ දෙවන වර්ගයට අයත් දුරකතන ගැන. දැන් අපි බලමු තෙවන වර්ගයට අයත් දුරකතන ගැන. මේ දුරකතන ඇත්තටම කිව්වොත් චීන සමාගම් විසින් ඔවුන්ටම ආවේනික ආකාරයට නිපදවනු ලබන්නෙ! ඒ කියන්නෙ, මෙම වරගයේ දුරකතන වල සුවිෂේෂී ලක්ෂණ දකින්න ලැබෙනව. ඒ ලක්ෂණ අතර

  • ආවේනික වූ අධික ශබ්දයක් Speaker ඇති තිබීම.
  • එකවර සිම් පත් දෙකක් භාවිත කිරීමෙ හැකියාව.
  • ඉතා විශාල එකකින් සමන්විත වීම.
වැනි අංග තියෙනව.

මේ දවස්වල ගොඩක්ම පැතිරෙන කතාව තමයි මෙ චීනයෙ නිපදවන දුරකතන ශරීර සෞඛ්‍යට අහිතකරයි කියන එක. ඇත්තටම බැලුවොත් නම් හැම දුරකතනයකම අහිතකර කොටසක් තියෙනව. ඒත් මම කිව්ව පලවන හ තුන්වන දුරකතනවල නම් අහිතකර තත්වයන් පාලනය කර තියෙන්නෙ කියල සමාගම් විසින් සනාථ කරල තියෙන්නෙ. ඒත් සැකය පවතින්නෙ දෙවන වර්ගයට අයත් මාදිලියෙයි. මොකද මෙ දුරකතන සඳහා නියමිත සමාගමක් වගකියන අවස්ථා අඩු නිසා, ඒව දුරකතන රෙගුලාසි වලට යටත් වෙලා නිපදවෙනවද යන්න දැනගැනීමට අපහසුයි.

මගේ නම් අදහස ඔයාල වියදම් කරන මුදලට සරිලන, නිසි වගකීමක් තියෙන හා විෂ්වාසණීය වර්ගයකට අයත් දුරකතනයක් මිලදී ගන්නව නම්. ඒත් කොටසක් ඉන්නව, විෂේෂයෙන්ම චීනයෙ නිපදවන දුරකතන වලට ඇලුම් කරන. මේ අයට නම් මට කියන්න තියෙන්නෙ තමන් මිලදී ගන්න දුරකතනය, වරක් දෙවරක් නෙමෙයි කීපවරක්ම check කරල තමන්ට සුදුසු නම් විතරක් ගන්න කියල.

Friday, May 20, 2011

Sony Ericsson Xperia - play ( Playstation සහිත ජංගම දුරකථනය )

දැන් මම ඔයාලත් එක්ක බෙදාගන්න යන්නෙ තවත් Smart phone වර්ගයේ ජ්ංගම දුරකථනයක් ගන විස්තර.මෙ ජංගම දුරකථනයෙ විෂේෂත්වය තමයි, ඔයලා අපි හැමෝම දන්න කියන Play-station games සෙල්ලම් කිරීමට හැකි වන ආකාරයට මෙම දුරකථනය නිෂ්පාදනය කර තිබීම. එහි දැනට play-station portable අකරයට සකසා ඇති සැම game එකක්ම සෙල්ලම් කිරිමට හකි අතර ඊට අමතර වශයෙන් මෙහි සාමන්‍ය ජංගම දුරකථන පහසුකම්ද සපයා තිබේ.



පහල මම පෙන්නල තියෙන්නෙ මෙ ජංගම දුරකථනයෙ ඇති වැදගත් ලක්ෂණ කීපයක්.

General Specifications :

  • Multi Network capable ( ඕනෑම ජාලයක් සමග සම්බන්ද වීමෙ හකියාව. )
  • 512MB of System memory ( අවෂ්‍ය සියලු කාර්ය්‍යන් සදහා සරිලන පරිදි අන්තර්ගතකොට ඇති මතක ගබඩව. ) 
  • 4inch display ( අති විශාල තිරය )
  • 5.1MP Camera with flash & light sensing ( අනර්ඝ අකාරයේ ඡයාරූපකරණයක් සදහ. ) 
  • Music enabled with SE music player ( කැමති අන්දමින් ගීත රස විදිම උදෙසා )
  • USB, micro USB & modem connection types ( ඕනෑම උපංගයක් සමග සම්බන්ද කිරීමෙ පහසුව. )
  • Up to 8hrs talk time & up to 425h standby time ( ඉහල ධාරිතවක් සහිත  Battery එක  )

මේ ජංගම දුරකතනය වඩාත්ම ගැලපෙන්නෙ නම් ඉතින් අද කලේ ඉන්න තරුණ අයට. මොකද මේක විෂේෂයෙන් නිර්මාණය කරල තියෙන්නෙ අවුරුදු 18ත් 25ත් අතර තරුණ අයට කියලයි දුරකතන විෂේෂඥයො නම් කියන්නෙ.
ඒත් ඉතින් අනික් අයට මේක පවිච්චි කරන්න තහනමක් නෑ හොදේ. 





ඔයාල වඩියෙන්ම බලන්නෙ ඉතින් එකක මිල ගනන් නිසා මම මෙතන මිලත් දාන්න කියල හිතුව. තාම ලංකවෙ නැති උනත් මේ දුරකතනයෙ වටිනකම රුපියල් 50000ත් 60000ත් අතර අගයක් ගනී කියන එක තමයි මගෙ අදහස.... 

Thursday, May 19, 2011

Motorola ATRIX 4G ( නවතම dual-core තාක්ෂණය මුසුකොට )

මම අද ඔයාලට කියන්න යන්නෙ Motorola සමාගම ඉදිරිපත් කරන අලුත්ම mobile phone එකක් ගැන. මේකෙ තියෙන වැදගත්කම තමයි මෙ mobile phone එකෙ processor එක Dual Core එකක් වෙන එක.  ඒ කියන්නෙ මේ phone එක සාමන්‍ය desktop computer එකක් තරම් ප්‍රබලයි කියන ඵක. පුදුමයි නේද අද කලෙ තාක්‍ෂණයේ දියූණූව ගැන. මීට අවූරුදු  කීපයකට කලින් අපි Dual Core කියන තාක්‍ෂණය අදුරගත්තෙ computer වලින්. ඒත් දැන් ඒ තාක්‍ෂණය අපි ගොඩක්ම අසා කරන අපේ mobile phone වලට ආව කිව්වම මට නම් අදහා ගන්නත් ටිකක් අමරු උනා... මම ඔයලත් එක්ක දැන් බෙදාගන්න යන්නෙ ඒ phone එක ගැන විස්තර ටිකක්. මම හිතනව ඔයාලට මේ විස්තරේ වැදගත් වෙයි කියල....



ඕක තමයි මම කියන Gadget එකෙ හඩ හුරුකම. බැලූ බැල්මට ගොඩක් දැනට වෙළඳපොලේ තියෙන smart phone එකක් වගේ උනට මේ phone එකේ ප්‍රබලත්වය ඒ සැම එකක්ම අභිබව යනව. පහල තියෙන්නෙ මේ phone එක ඉදිරිපත් කරන Motorola සමාගම ප්‍රසිද්ද කරන ලද තොරතුරුයි...

General :

  • 4G ready ( නවතම 4G තක්ෂණය ඇති බව )
  • Android 2.2 ( මෙහෙයුම් පද්දතිය ලෙස අත්තේ  Android පද්දතියකි. )
  • Candy Bar type ( හුරුබුහුටි නිමාව. )
  • Multiple Networks ( ඕනැම ජාලයක් සමග කටයුතු කිරීමේ හැකියාව. )
  • 5MP camera with LED flash ( මෙගා පික්සල් 5කින් සමන්විත ප්‍රබල කමරාවක් හා අඩු ආලෝක තත්ව සදහා විෂේෂ LED ෆ්ලැෂ් එකකින් සම්න්විත වීම. )
  • Standard Social Networking features ( Facebook, Twitter වැනි සමාජ වෙබ් අඩවි භාවිත කිරීමට ඇති පහසුව. )
  • Up to 16GB of internal memory & upgradeable until 32GB ( ඉතා ඉහල මතක ධාරිතාව. )
  • 4inch qHD display ( දකුම්කලු තිරය. )
  • Up to 540min usage time & 350 hrs Standby time ( අධි ධාරිතවක් සහිත බැටරිය.. )
මම ඔය කිව්වෙ Motorola සමාගම් වෙබ් අඩවිය ප්‍රකෂ කරල තිබුන විස්තර. ඇත්තටම මෙ තාක්ෂණික මෙවලම තුල අපිට එදිනෙදා අවෂ්‍ය වෙන ගොදක් වැඩසටහන් අන්තර්ගත කරල තියෙනව.
මේකෙ තියෙන විෂේෂත්වය තමයි phone එක අයිති කෙනටම විෂේෂ වූ අගිලි සළකුණු පරික්ෂා කරන විෂේෂාංගයයි.. එ විෂේෂාංගය අපේ රටට ගොඩක් වැදගත් කියල මට හිතෙනව.

මෙන්න ඔයලට ඒ ගැන තවත් විස්තර කෙරෙන වීඩියො පටයක්.



ඔයාලත් ආස ඇති මේ වගේ ගොඩක් වැඩ කැලි තියෙන phone එකක් ගන්න. ඒත් තාම නම් මේ phone එක ලංකාවට ඇවිත් නැහැ. ඒත් ලගදිම එයි කියන බලපොරොත්තුව තියෙනව. ශ්‍රී ලංකා මුදලින් නම් මේ phone ඒක රුපියල් 30000 - 40000 අතර වෙයි කියන අනුමානය විතරයි දැනට නම් තියෙන්නෙ. 

Wednesday, May 18, 2011

පටන් ගැන්ම.....

‍‍ඔන්න මම හා හා පුරා කියල ෆෝන් තියෙන අයට කියවන්න කියල බ්ලොග් එකක් පටන් ගත්ත.... මේක ඉතින් හොදද දන්නෙ නෑ.... ඉස්සරහට දාන දෙවල් කියවල හොද නරක කියන්නකො කට්ට්ය...