Saturday, June 4, 2011

Google Wallet පහසුකම!

අද මම කියන්න යන්නෙ Google සමාගම විසින් අලුතින් ඉදිරිපත් කරන Google Wallet කියන පහසුකම ගැන. මෙ පහසුකමත් හරියට ඔබ දැනට භාවිත කරන Credit Card හො Debit Card වගේ දෙයක්. මේ පහසුකම ඇත්තටම වැඩ කරන්නෙ NFC කියන තාක්ෂණයට අනුව. තාමත් පර්යේෂණ මට්ටමෙ පවතින මෙම පහසුකම 2011 වසර නිම වීමට ප්‍රථම නිකුත් කරන බව සමාගම පවසනව! දැනට New York සහ San Francisco  කියන නගරවල සාර්ථක ලෙස අත්-හදා බලමින් පවතින මෙම පහසුකම ඉත ඉක්මනින් ජනප්‍රිය වන බවඉ ආරන්චි මාර්ග පවසන්නෙ! මෙලෙස ලබාදෙන පහසුකමට සහයොගය ලබදෙන්න ලෝක ප්‍රකට මුල්‍යමය ආයතන රැසක් Google සමාගමත් සමග එකමුතුවී තිබෙනව! එ අතර Citi බැංකුව මූලිකත්වය ගෙන තිබෙනව.


ගූගල් සමාගම පවසන පරිදි මෙය පාරිභෝගිකයන්ට ඉතා වටින අවස්ථාවක් වන බව පවසනව. අපි බලමු මෙවන් පහසුකමක් ලංකාවෙත් කවදද ආරම්භ වෙන්නෙ කියල..

Tuesday, May 31, 2011

Samsung Galaxy S II සුපිරි ජංගම දුරකතනය! දැන් ලංකාවේ.....

මෙන්න මම කියපු විදියේ සුපිරි ජංගම දුරකතනයක් දැන් ලංකාවටත් ඇවිත්. මේ දුරකතනයේ නම තමයි Samsung Galaxy S II. ඇත්තටම කිව්වොත් මේ Samsung Galaxy S දුරකතනයෙ දෙවනි මොඩලයයි. මම දැන් කියන්නම් මෙ දුරකතනයෙ තියෙන විෂේෂාංග ගැන පොඩි විස්තරයක්..


මෙන්න එහෙනම් මෙ දුරකතනය ගැන වැඩිදුර තොරතුරු!

Network : HSPA 21Mbps , EDGE and multi band supported
Processor :  1.2Ghz Cortex A9 CPU ( dual core )
Dimensions : 125 x 66mm
Display : 4.3inch WVGA Super AMOLED
Memory : 16GB or 32GB internal and upto 32GB microSD
Camera : 8MP with LED flash
Connectivity : WiFi , Bluetooth v3.0 and USB v2.0
Battry : 1650mAh
Operating System : Android v2.3

ඔන්න ඔව තමයි විස්තර ටික. වැඩි විස්තර මෙන්න මෙතනින් බලන්නකො!