Friday, May 27, 2011

මොකක්ද මෙ mobile phone unlocking කියන්නෙ!

ඔන්න මම අද කියන්න යන්නෙ විෂේෂ මාතෘකාවක් ගැන. එ තමයි මේක ගොඩක්ම අවෂ්‍ය වෙන්නෙ නම් විදේශ රටක භාවිත කරල ලංකාවට අරගෙන එන ජංගම දුරකතන අපේ රටට නොගැලපෙන අවස්ථාවක් උනාම. මොකද ගොඩක් විදේශීය රටවල දුරකතන විකුනන්නෙ එම රටවල සේවා සපයන්නන් විසින්. ඉතින් මෙ සේව සපයන්නන් දුරකතන විකුනන්නෙ සහනදායි මිලට නමුත් යම්කිසි කොන්දෙසි කීපයකට යටත්ව. අපි බලමු මෙ කොන්දේසි මොනවද කියල.



1. නියමිත කාල පරාසයක් සේව සපයන සමාගම සමග ගනුදෙනු කිරීම.
2. මසකට අනිවර්‍යය ලෙස ප්‍රමාණයක් භාවිත කල යුතු වීම.

මෙවනි කොන්දේසි එම සමාගම විසින් යොදන්නෙ තමන්ගෙන් අඩු මුදලකට දුරකතනයක් මිලට ගන්න පාරිභෝගිකයාව එම දුරකතනයේ නියමිත වටිනාකම ලබාගන්නතෙක් තබා ගැනීමටයි. එහෙත් මෙම ක්‍රියාවලිය පමණ්ක් පාරිභෝගිකයාව තම සමාගම සමග බදවා තබා ගැනීමට ප්‍රමාණවත් නැහැ. ඒ සදහා තම්යි මේ කියන phone lock ක්‍රමය යොදා ගැනෙන්නෙ. මේවයෙත් වර්ග කීපයක් දක්නට ලැබෙනව. අපි බලමු ඒ මොනවද කියල.

1. phone country lock - මෙවනි දුරකතන ක්‍රියාත්මක වෙන්නෙ ඒ අදාල රටවල් හා සමග පමණ්යි.
2. phone network lock - මෙවනි දුරකතන ක්‍රියාත්මක වෙන්නෙ ඒ අදාල දුරකතන සේවා සපයන්නා හා සමග පමණයි.
3. phone station identification lock - මෙවනි දුරකතන ක්‍රියාත්මක වෙන්නෙ ඒ අදාල සිම් පත හා සමග විතරයි.

ඔන්න ඔය lock එක ඉවත් කරන එකට තමයි කියන්නෙ phone unlocking කියල! අපි දැන් බලමු කොහොමද මේ lock එක ඉවත් කරන්නෙ කියල.

මෙම කිරීමෙ lock ක්‍රම කීපයක් තියෙන නිසා, එවා unlock කිරිමේ ක්‍රම කීපයක්ද තියෙනව. ගොඩක් වෙලවට ජංගම දුරකතනයට මුලින් ආපු මවු මෘදුකාංගය වෙනුවට ආදේශක මෘදුකාංගයක් යෙදීම තමයි මෙහිදී සිදු කරන්නෙ. ඒ වගෙම තව ක්‍රමයක් තමයි දුරකතන සේවා සපයන්න විසින් දෙනු ලබන unlock code එක යොදා unlock කිරීම. ඒත් එය සමහර විට අසීරු වෙන්නෙ ගැලපෙන code එක සොයාගත නොහැකි වෙන නිස. මේ විදියට දුරකතනයක් unlock කලාට පසු නැවතත් එය කලින් තිබූ ආකාරයට පත් කළ නොහැකී.

මේ මම සදහන් කලේ නම් දුරකතන unlock කිරීම ගැන ඉතා කුඩා විස්තරයක්. මොකද මමත් ඒ ගැන තවමත් ඉගෙනගනිමින් පවතින නිසා. මම හිතනව මේ තොරතුරු ඔයාලගෙ දැනුම වැදි කරන්න හේතු වෙන්න ඇති කියල.

Wednesday, May 25, 2011

කොහොමද ඔයාගෙ ජංගම දුරකතනයෙ E-mail කියන පහසුකම activate කරගන්නෙ.

මේක නම් මගෙ හොදම මිතුරෙක් මට යොමු කරපු ගැටලුවක්. ගැටලුව තමයි ජංගම දුරකතනයෙ SMS පහසුකම යටතෙ තියෙන E-mail පහසුකම භාවිත කරන්නෙ කොහොමද කියන එක. මේක ගොඩක් අයට තියෙන ගැටලුවක් උනාට නිසි පිලිතුරක් තාම කවුරුවත් දීලාවත් ලබාගෙනවත් නැහැ. ඒක නිසා ඔන්න මම දැන් මම හොයාගත්ත විදියට ඒකට පිලිතුරක් දෙන්නම්. අඩු පාඩු තියෙනව නම් පොඩ්ඩක් කියන්න. ඔන්න එහෙනම්.

පියවර 1 : මුලින්ම ඔයාලට කරන්න තියෙන්නෙ නම් ඔයාලගෙ දුරකතනයෙ sms යටතෙ e-mail පහසුකම තියෙනවද කියල. මේක බොහොම ලේසි පියවරක් මොකද sms පහසුකම තියෙන තැනම e-mail පහසුකමත් අන්තර්ගත කරල තියෙන නිස.

පියවර 2 : මීලගට ඔයාලට කරන්න තියෙන්නෙ e-mail පහසුකම select කරල options කියන එක යොදගෙන අළුත් account එකක් නිර්මාණය කරගන්න. තමන්ගෙ විස්තර අදාල තැන් වල යොදන්න ගැලපෙන පරිදි. ඊට පස්සෙ ඔයාලා incoming server සහ outgoing server යන තැන් වලට යොදන්න ඔනෙ ඔයාල භාවිත කරන්න යන e-mail පහසුකම සපයන්නා ලබදෙන settings.මම එ සැකසුම් ටික පහල දීල තියෙනව.

Yahoo : 
Incoming :  pop.mail.yahoo.com using SSL with port 110
Outgoing: smtp.mail.yahoo.com using SSL with port 2


Yahoo Plus:
Incoming – plus.pop.mail.yahoo.com using SSL with port 995
Outgoing – plus.smtp.mail.yahoo.com using SSL with port 465, use authentication


Gmail:
Incoming – pop.gmail.com using SSL with port 995
Outgoing – smtp.gmail.com using SSL with port 465


Hotmail :
Incoming – pop3.live.com using SPA with port 995
Outgoing – smtp.live.com using SSL with port 25

ඔව තමයි යොදගන්න ඔනෙ සැකසුම් ටික. ඊට පස්සෙ ඔයාලගෙ e-mail එකෙ login details ටික ඇතුල් කරන්න. Username සහ Password එක. තවමත් ඔයාලට e-mail පහසුකම ගන්න බැරි නම් ඔයාලගෙ GPRS පහසුකම තියෙනවද කියල පරීක්ෂා කරන්න. මොකද e-mail server සමග සම්බන්ධ වෙන්න GPRS පහසුකම අවෂ්‍ය නිසා.



පියවර 3 : විෂේෂයෙන්ම සොයාබලන්න ඔයාල හදපු e-mail account වල POP3 කියන විෂේෂාංගය enable කරලද කියල. නොමැති නම් එයත් enable කරන්න.



දැන් ඔබට ඔබෙ ජංගම දුරකතනය හරහා e-mail පහසුකම ලබාගන්න පුලුවන්. මෙහි තව විෂේෂ කරුණක් තියෙනව. ඒ තමයි ඔයාල කැමති ඇතිනෙ තමන්ගෙ e-mail ගිනුම දුරකතනත් සමග නිරතුරුව යාවත්කාල කරන්න.  මෙ පියවරට කියන්නෙ Auto polling කියල.

ජංගම දුරකතනයෙ තියෙනවද බලන්න "retrive interval" කියල හරි "polling settings" කියල හරි. එ දෙකම නැත්තම් ඒ හ සමාන යෙදුමක් තියෙනවද කියල බලන්න. මේ සැකසුමෙ තියෙන්නෙ e-mail update කරන්න දෙන්න ඔනෙ කාළ පරතරය. ඒකට ඔයාල කැමති කාළයක් ලබාදෙන්න.

වැදගත් : ඔයාලගේ ගිනුමට ලැබෙන e-mail පනිවුඩ හා ජංගම දුරකතනය නිතර යාවත්කාලීන කිරිමේ ගැටළුවක් තියෙනව නම් ඔයාලගෙ e-mail ගිනුමෙ තියෙන settings වල තියෙන automatic retrieval  කියන option එක turn on කරන්න. 


ඔන්න මම ඔයාලට ජංගම දුරකතනයෙන් පහසුකම ලබාගන්න විදිය පහදල දුන්න. ගැටළු තියෙනව නම් යොමු කරන්න. මම හැකි අයුරින් උදව් කරන්නම්.

සැ.යු : මෙම e-mail සේවාව සදහා GPRS ගාස්තු ඇතුලත් වන බැවින් ඔබේ සෙවා සපයන්නගෙන් GPRS ගාස්තු ගන විමසා බලන්න.

Tuesday, May 24, 2011

phone එකේ browse කරන්න settings නද්ද? මෙන්න එහෙනම්....

මම දැන් ඔයාලට කියන්න යන්නෙ නම් ඔයාලට ගොඩක් වටින ප්‍රවෘතියක්. ඒත් මේක ගොඩක් වටින්නෙ ජංගම දුරකතනයෙන් internet යන අයට. ඔයාලට සමහර වෙලාවට එන ප්‍රෂ්නයක් තමයි සේවාදාකයන් ලබාදෙන අන්තර්ජාල සැකසුම් නොමතිකම. එහෙම වුනාම ගොඩක් අපහසුයි සේවදායකයන්ට කියල නැවත සැකසුම් ලබාගන්න එක. ඒක නිසා මම හිතුව එ සැකසුම් ටික මගේ blog අඩවියෙ දාන්න. වැදගත් කියල හිතෙනව නම් ලියල තියාගන්න ඔයාලට ඔනේ සේවාදායකයාගෙ සැකසුම් ටික. කවද හරි උවමනා වෙයි ඔයාලට.

මෙන්න Mobitel සැකසුම් ටික :

Connection Name : MobitelWap
APN : isp
Authentication : Normal
Home page : http://wap.mobitel.lk              
Proxy Address : 192.168.050.163
Proxy : 8080





මෙන්න Dialog සැකසුම් ටික :



Connection Name : DialogWap
APN : ppwap
Authentication : Normal
Home page : http://dialogwap.lk
Proxy Address : 192.168.122.2
Proxy : 8080



මෙන්න Airtel සැකසුම් ටික :





Connection Name : AirtelLive
APN : airtellive
Authentication : Normal
Home page : http://wap.mobitel.lk
Proxy Address : 010.200.184.086
Proxy : 8080



මෙන්න Etisalat සැකසුම් ටික :


Connection Name : EtisalatWap
APN : wap
Authentication : Normal
Home page : http://wap.etisalat.lk
Proxy Address : 192.168.104.4
Proxy : 9401



මෙන්න Hutch සැකසුම් ටික :




Connection Name : HutchGPRS
APN : portalnmms
Authentication : Normal
Home page : http://hutchworld.co.in
Proxy Address : 010.010.001.100
Proxy : 8080





ඔන්න මම ලංකාවෙ තියෙන හැම සේව සපයන්නෙකුගෙම සැකසුම් අතුලත් කරා. ඔයාලට මෙ සැකසුම් ප්‍රයෝජනවත් වෙයි කියල මම හිතනව.

ආසද Facebook chat වලට. මෙන්න එකට පොඩි උදව්වක්.

ඔන්න දවසක විරාමයකට පස්සෙ මම ආයෙත් ඔයාලත් එක්ක බෙදාගන්න දෙයක් හොයගෙන අවා. මේක නම් දැන් ඉන්න ගොඩක් අය ආසා දෙයක්. ඒ තමයි ඔයාලගෙ ජංගම දුරකතනයෙන් කොහොමද Facebook chat කරන්නෙ කියල, කියලා දෙන්න.

මම මේ කියන්න යන දේ නම් අද තියෙන ඕනෑම දුරකතනයකින් කරන්න පුළුවන් දෙයක්. ගොඩක් වෙලාවට නම් Java පහසුකම තියෙන දුරකතනයක් තියෙනව නම් ගොඩක් පහසුයි. ඒත් වෙනත් දුරකතනයක වුනත් Facebook chat පහසුකම ලබාගන්න පුළුවන්. උදාහරණයක් විදියට සේවා සපයන්නන් ලබදෙන පහසුකම මත ඔයාලට ගොඩක් හුරු sms ආකාරයටත් කිරීමට chat පුලුවන්. මම මේ කියන්නෙ නම් ඉතින් කොහොමද ජංගම දුරකතනයට විෂේෂ  මෘදුකාංගයක් එකතු කරගෙන chat සඳහා යොමු වෙන්නෙ කියල. ඒක ඇත්තටම හරිම පහසු ක්‍රියාවලියක්. ඒත් මුලින්ම ඔයාලට පුලුවන් වෙන්න ඔනෙ ඔයාලට ගැලපෙන මෘදුකාංගයක් තෝරගන්න. මම ඒකට ඔයාලට සහය වෙන්නම්.



මේ සදහ අපිට ගොඩක් මෘදුකාංග නොමිලේ ලබාගන්න පුලුවන්. ගොඩක් අය භාවිත කරන්නෙ නම් E buddy නැත්තම් Nimbuzz කියන මෘදුකාංග දෙකෙන් එකක්. මම නම් ගොඩක්ම කැමති E buddy කියන මෘදුකාංගයට. ඒ එහි ඇති සරළ බව නිසා. ඔයාල මෙ මෘදුකාංග දෙකම භවිතා කරල බලන්න තමන්ට ගැලපෙන්නෙ මොකක්ද කියල.. පහල තියෙන්නෙ මෙ මෘදුකාංග දෙකම download කරගන්න පුලුවන්.





Nimbuzz : www.nimbuzz.com/en/mobile/download
Ebuddy :   www.ebuddy.com/mobilebeta/

ඔයාල භාවිතා කරන දුරකතන මාදිලිය අනුව ගැලපෙන මෘදුකාංගය download කරගන්න. එ download කරපු මෘදුකාංගය ඔයාලගෙ දුරකතනයෙ ස්ථපනය ( install ) කරගන්න. ඊට පස්සෙ නම් ඔයාලට තියෙන්නෙ තමන්ගෙ Facebook account එකට දීපු Username හා Password එක යොදාගෙන ස්ථාපනය කරපු මෘදුකාංගය හරහා Login වෙන්න. දැන් ඔයාලගෙ Facebook profile එකෙ online ඉන්න යලුවන්ව ඔයාට පෙනේවි. හරි සරල පියවර කීපයකින් ඔයාලගෙ යාළුවන් සමග ඕනෑම වෙලාවක දැන් සම්බන්ද වෙන්න පුළුවන් නේද්.

Sunday, May 22, 2011

මීලඟ ජංගම දුරකතන පරම්පරාව : Super phones

මම ඔයාලට කියන්න යන මෙ කතාව නම් ගොඩක් විෂ්මය දනවන දෙයක්! මොකඩ මම කියන්න යන්නෙ අනාගතේ කරලියට එන ජංගම දුරකතන ගැන. ඒ තමයි,  Super phones. 

Smart phone හ Super phone අතර වෙනස



වර්තමානය වන විට අපි භාවිත කරන ජංගම දුරකතන සාමාන්‍ය පරිගණකයක් තරමට බලසම්පන්න වෙලා තියෙන්නෙ. පොඩ්ඩක් කල්පනා කරල බැලුවොත් පෙනෙයි, අද භාවිතයෙ තියෙන සැම සුපිරි පන්නයෙ දුරකතනයකම කුඩා ප්‍රොසෙසරයක් එයට බලය සපයන බව. ඒ වගෙම විවිද මෘදුකාංග භාවිතා කරමින් නොයෙකුත් ආකරයෙ වැඩ අපට කරගන්න පුලුවන් වෙල තියෙනව. මේ දුරකතන වලට අපි කිව්වෙ smart phone කියල. ඒත් මම මේ කියන්න යන්නෙ ඒ වගෙ දුරකතන ගැන නම් නෙමේ. මේ දුරකතන මම කලින් කියපු smart phone ගණයට අයත් වෙන්නෙ නැහැ. ඒ එම දුරකතන එතරම්ම ප්‍රභල නිසා. 

අපි බලමු දුරකතනයක් කියන්නෙ මොකක්ද කියල : 

ඇත්තටම බලුවොත් මෙවන් දුරකතනයක් තුල ඉතාමත් බලසම්පන්න ප්‍රොසෙසර් දැකිය හකි. ඒ කිව්වෙ සාමාන්‍ය මට්ටමෙ පරිගණකයක තරම් බලසම්පන්න ප්‍රොසෙසර දැකිය හැකි. මේවයෙ වේගය බැලුවොත් 1Ghz ත් 1.5Ghz අතර වේගයක් පවතිනව. ඒ වගෙම මෙවනි දුරකතන තුල ඉතා ඉහල මට්ටමෙ Graphics Processing Unitsද අන්තර්ගත කරල තියෙන නිසා ඉහල ගුනාත්මක බවකින් යුතු චලන රූප, ක්‍රීඩා අදිය ධාවනය කරන්න හැකියාව ලැබෙනව. විෂේෂයෙන්ම අද භාවිතයේ පවතින HD මාදිලියෙ චලන රූප ඉතා පහසුවෙන භාවිත කළ හැකි වීම විෂෙෂත්වයක් වෙනව. 
මෑතකදි LG සමාගම නිවෙදනයක් නිකුත් කල මෙ වසර අවසන් වෙන්න කලින් මෙවන් සුපිරි දුරකතන මාදිලි කීපයක් වෙලද පොලට නිකුත් කරන බව. තවද, LG සමාගම කියා සිටියේ එම දුරකතනවල ප්‍රොසෙසරය සඳහා ඔවුන් යොදා ගන්නෙ Nvidia සමාගම විසින් නිපදවනු ලැබු Tegra2 ප්‍රොසෙසරය යොදාගන්නා බවයි. මේ කතාවෙන් කියවෙන්නෙ ඉදිරියෙදි වෙලඳපොළට ගොඩක්ම පැමිනෙන්නෙ සුපිරි දුරකතනයි කියන එක!




ඔයාල දකින්න අති Motorola සමාගම ඉදිරිපත් කරල තියෙන දුරකතන්ය! එහි බලසම්පන්න කම. අවසනාවට අපේ රටේ නම් තාම මෙ සුපිරි පන්නයෙ දුරකතන දකින්න ලැබෙනව අඩුයි. ඒත් අනාගතේ ගැන දැනගෙන ඉන්න එක හොදයි නෙ..