ඔන්න දවසක විරාමයකට පස්සෙ මම ආයෙත් ඔයාලත් එක්ක බෙදාගන්න දෙයක් හොයගෙන අවා. මේක නම් දැන් ඉන්න ගොඩක් අය ආසා දෙයක්. ඒ තමයි ඔයාලගෙ ජංගම දුරකතනයෙන් කොහොමද Facebook chat කරන්නෙ කියල, කියලා දෙන්න.
මම මේ කියන්න යන දේ නම් අද තියෙන ඕනෑම දුරකතනයකින් කරන්න පුළුවන් දෙයක්. ගොඩක් වෙලාවට නම් Java පහසුකම තියෙන දුරකතනයක් තියෙනව නම් ගොඩක් පහසුයි. ඒත් වෙනත් දුරකතනයක වුනත් Facebook chat පහසුකම ලබාගන්න පුළුවන්. උදාහරණයක් විදියට සේවා සපයන්නන් ලබදෙන පහසුකම මත ඔයාලට ගොඩක් හුරු sms ආකාරයටත් කිරීමට chat පුලුවන්. මම මේ කියන්නෙ නම් ඉතින් කොහොමද ජංගම දුරකතනයට විෂේෂ මෘදුකාංගයක් එකතු කරගෙන chat සඳහා යොමු වෙන්නෙ කියල. ඒක ඇත්තටම හරිම පහසු ක්‍රියාවලියක්. ඒත් මුලින්ම ඔයාලට පුලුවන් වෙන්න ඔනෙ ඔයාලට ගැලපෙන මෘදුකාංගයක් තෝරගන්න. මම ඒකට ඔයාලට සහය වෙන්නම්.
මේ සදහ අපිට ගොඩක් මෘදුකාංග නොමිලේ ලබාගන්න පුලුවන්. ගොඩක් අය භාවිත කරන්නෙ නම් E buddy නැත්තම් Nimbuzz කියන මෘදුකාංග දෙකෙන් එකක්. මම නම් ගොඩක්ම කැමති E buddy කියන මෘදුකාංගයට. ඒ එහි ඇති සරළ බව නිසා. ඔයාල මෙ මෘදුකාංග දෙකම භවිතා කරල බලන්න තමන්ට ගැලපෙන්නෙ මොකක්ද කියල.. පහල තියෙන්නෙ මෙ මෘදුකාංග දෙකම download කරගන්න පුලුවන්.
Nimbuzz : www.nimbuzz.com/en/mobile/download
Ebuddy : www.ebuddy.com/mobilebeta/
ඔයාල භාවිතා කරන දුරකතන මාදිලිය අනුව ගැලපෙන මෘදුකාංගය download කරගන්න. එ download කරපු මෘදුකාංගය ඔයාලගෙ දුරකතනයෙ ස්ථපනය ( install ) කරගන්න. ඊට පස්සෙ නම් ඔයාලට තියෙන්නෙ තමන්ගෙ Facebook account එකට දීපු Username හා Password එක යොදාගෙන ස්ථාපනය කරපු මෘදුකාංගය හරහා Login වෙන්න. දැන් ඔයාලගෙ Facebook profile එකෙ online ඉන්න යලුවන්ව ඔයාට පෙනේවි. හරි සරල පියවර කීපයකින් ඔයාලගෙ යාළුවන් සමග ඕනෑම වෙලාවක දැන් සම්බන්ද වෙන්න පුළුවන් නේද්.



No comments:
Post a Comment