Thursday, May 19, 2011

Motorola ATRIX 4G ( නවතම dual-core තාක්ෂණය මුසුකොට )

මම අද ඔයාලට කියන්න යන්නෙ Motorola සමාගම ඉදිරිපත් කරන අලුත්ම mobile phone එකක් ගැන. මේකෙ තියෙන වැදගත්කම තමයි මෙ mobile phone එකෙ processor එක Dual Core එකක් වෙන එක.  ඒ කියන්නෙ මේ phone එක සාමන්‍ය desktop computer එකක් තරම් ප්‍රබලයි කියන ඵක. පුදුමයි නේද අද කලෙ තාක්‍ෂණයේ දියූණූව ගැන. මීට අවූරුදු  කීපයකට කලින් අපි Dual Core කියන තාක්‍ෂණය අදුරගත්තෙ computer වලින්. ඒත් දැන් ඒ තාක්‍ෂණය අපි ගොඩක්ම අසා කරන අපේ mobile phone වලට ආව කිව්වම මට නම් අදහා ගන්නත් ටිකක් අමරු උනා... මම ඔයලත් එක්ක දැන් බෙදාගන්න යන්නෙ ඒ phone එක ගැන විස්තර ටිකක්. මම හිතනව ඔයාලට මේ විස්තරේ වැදගත් වෙයි කියල....



ඕක තමයි මම කියන Gadget එකෙ හඩ හුරුකම. බැලූ බැල්මට ගොඩක් දැනට වෙළඳපොලේ තියෙන smart phone එකක් වගේ උනට මේ phone එකේ ප්‍රබලත්වය ඒ සැම එකක්ම අභිබව යනව. පහල තියෙන්නෙ මේ phone එක ඉදිරිපත් කරන Motorola සමාගම ප්‍රසිද්ද කරන ලද තොරතුරුයි...

General :

  • 4G ready ( නවතම 4G තක්ෂණය ඇති බව )
  • Android 2.2 ( මෙහෙයුම් පද්දතිය ලෙස අත්තේ  Android පද්දතියකි. )
  • Candy Bar type ( හුරුබුහුටි නිමාව. )
  • Multiple Networks ( ඕනැම ජාලයක් සමග කටයුතු කිරීමේ හැකියාව. )
  • 5MP camera with LED flash ( මෙගා පික්සල් 5කින් සමන්විත ප්‍රබල කමරාවක් හා අඩු ආලෝක තත්ව සදහා විෂේෂ LED ෆ්ලැෂ් එකකින් සම්න්විත වීම. )
  • Standard Social Networking features ( Facebook, Twitter වැනි සමාජ වෙබ් අඩවි භාවිත කිරීමට ඇති පහසුව. )
  • Up to 16GB of internal memory & upgradeable until 32GB ( ඉතා ඉහල මතක ධාරිතාව. )
  • 4inch qHD display ( දකුම්කලු තිරය. )
  • Up to 540min usage time & 350 hrs Standby time ( අධි ධාරිතවක් සහිත බැටරිය.. )
මම ඔය කිව්වෙ Motorola සමාගම් වෙබ් අඩවිය ප්‍රකෂ කරල තිබුන විස්තර. ඇත්තටම මෙ තාක්ෂණික මෙවලම තුල අපිට එදිනෙදා අවෂ්‍ය වෙන ගොදක් වැඩසටහන් අන්තර්ගත කරල තියෙනව.
මේකෙ තියෙන විෂේෂත්වය තමයි phone එක අයිති කෙනටම විෂේෂ වූ අගිලි සළකුණු පරික්ෂා කරන විෂේෂාංගයයි.. එ විෂේෂාංගය අපේ රටට ගොඩක් වැදගත් කියල මට හිතෙනව.

මෙන්න ඔයලට ඒ ගැන තවත් විස්තර කෙරෙන වීඩියො පටයක්.



ඔයාලත් ආස ඇති මේ වගේ ගොඩක් වැඩ කැලි තියෙන phone එකක් ගන්න. ඒත් තාම නම් මේ phone එක ලංකාවට ඇවිත් නැහැ. ඒත් ලගදිම එයි කියන බලපොරොත්තුව තියෙනව. ශ්‍රී ලංකා මුදලින් නම් මේ phone ඒක රුපියල් 30000 - 40000 අතර වෙයි කියන අනුමානය විතරයි දැනට නම් තියෙන්නෙ. 

No comments:

Post a Comment