පියවර 1 : මුලින්ම ඔයාලට කරන්න තියෙන්නෙ නම් ඔයාලගෙ දුරකතනයෙ sms යටතෙ e-mail පහසුකම තියෙනවද කියල. මේක බොහොම ලේසි පියවරක් මොකද sms පහසුකම තියෙන තැනම e-mail පහසුකමත් අන්තර්ගත කරල තියෙන නිස.
පියවර 2 : මීලගට ඔයාලට කරන්න තියෙන්නෙ e-mail පහසුකම select කරල options කියන එක යොදගෙන අළුත් account එකක් නිර්මාණය කරගන්න. තමන්ගෙ විස්තර අදාල තැන් වල යොදන්න ගැලපෙන පරිදි. ඊට පස්සෙ ඔයාලා incoming server සහ outgoing server යන තැන් වලට යොදන්න ඔනෙ ඔයාල භාවිත කරන්න යන e-mail පහසුකම සපයන්නා ලබදෙන settings.මම එ සැකසුම් ටික පහල දීල තියෙනව.
Yahoo :
Incoming : pop.mail.yahoo.com using SSL with port 110
Outgoing: smtp.mail.yahoo.com using SSL with port 2
Yahoo Plus:
Incoming – plus.pop.mail.yahoo.com using SSL with port 995
Outgoing – plus.smtp.mail.yahoo.com using SSL with port 465, use authentication
Gmail:
Incoming – pop.gmail.com using SSL with port 995
Outgoing – smtp.gmail.com using SSL with port 465
Hotmail :
Incoming – pop3.live.com using SPA with port 995
Outgoing – smtp.live.com using SSL with port 25
ඔව තමයි යොදගන්න ඔනෙ සැකසුම් ටික. ඊට පස්සෙ ඔයාලගෙ e-mail එකෙ login details ටික ඇතුල් කරන්න. Username සහ Password එක. තවමත් ඔයාලට e-mail පහසුකම ගන්න බැරි නම් ඔයාලගෙ GPRS පහසුකම තියෙනවද කියල පරීක්ෂා කරන්න. මොකද e-mail server සමග සම්බන්ධ වෙන්න GPRS පහසුකම අවෂ්ය නිසා.
දැන් ඔබට ඔබෙ ජංගම දුරකතනය හරහා e-mail පහසුකම ලබාගන්න පුලුවන්. මෙහි තව විෂේෂ කරුණක් තියෙනව. ඒ තමයි ඔයාල කැමති ඇතිනෙ තමන්ගෙ e-mail ගිනුම දුරකතනත් සමග නිරතුරුව යාවත්කාල කරන්න. මෙ පියවරට කියන්නෙ Auto polling කියල.
ජංගම දුරකතනයෙ තියෙනවද බලන්න "retrive interval" කියල හරි "polling settings" කියල හරි. එ දෙකම නැත්තම් ඒ හ සමාන යෙදුමක් තියෙනවද කියල බලන්න. මේ සැකසුමෙ තියෙන්නෙ e-mail update කරන්න දෙන්න ඔනෙ කාළ පරතරය. ඒකට ඔයාල කැමති කාළයක් ලබාදෙන්න.
වැදගත් : ඔයාලගේ ගිනුමට ලැබෙන e-mail පනිවුඩ හා ජංගම දුරකතනය නිතර යාවත්කාලීන කිරිමේ ගැටළුවක් තියෙනව නම් ඔයාලගෙ e-mail ගිනුමෙ තියෙන settings වල තියෙන automatic retrieval කියන option එක turn on කරන්න.
ඔන්න මම ඔයාලට ජංගම දුරකතනයෙන් පහසුකම ලබාගන්න විදිය පහදල දුන්න. ගැටළු තියෙනව නම් යොමු කරන්න. මම හැකි අයුරින් උදව් කරන්නම්.
සැ.යු : මෙම e-mail සේවාව සදහා GPRS ගාස්තු ඇතුලත් වන බැවින් ඔබේ සෙවා සපයන්නගෙන් GPRS ගාස්තු ගන විමසා බලන්න.

kalayak thisse mamath activate karaganna oni wela thibbe.. thank you malliya... keep it up !!! :)
ReplyDeletethanku akka... mata idea eka dunne mage yaluwek akka.. :)
ReplyDelete